203 views 1 sec 0 comments

නව ලෝක වාර්තාවක් සමඟ ලංකාවට රන් පදක්කමක්…

In Sports
August 30, 2021

පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී නව ලෝක වාර්තාවක් ද තබමින් ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වී තිබේ. F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි.

අද උදෑසන පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ආරම්භ වු අතර එහිදී F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් සහභාගී විය.

එහිදී ඔහුගේ පළමු අවස්ථාවේදී මීටර 62.58ක දක්ෂතාවයක් දැක්වු අතර දෙවන විසිකිරීමේදී මීටර 62.19ක දක්ෂතාවයක් දැක්විය.අනතුරුව දිනේෂ් සිය තුන්වන විසිකිරීමේදී මීටර 67.79ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මීට පෙර මෙම ඉසව්වේ ලෝක වාර්තාව සටහන් වූයේ මීටර් 63.79ක් ලෙසය.

ඒ අනුව දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වු අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ දිනා ගත් ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයකි.