209 views 0 secs 0 comments

කොවිඩ් රෝගීන්ට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන…

In Local News
August 30, 2021

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එය සංවිධානය කරන ලද බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිත රෝගීන් සහ නිරෝධායන වන පුද්ගලයින් සිටින නිවෙස්වලට ආයුර්වේද ඖෂධ නොමිලේ බෙදාදීමේ වැඩසටහන අද (30) ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදීමේ කටයුතු ද සිදුකෙරිණි.

වෛද්‍යවරුන් 265 කගේ පූර්ණ අධීක්ෂණය යටතේ, කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ තබාගෙන ප්‍රතිකාර කිරීමේ කටයුතු සිදුවෙන බවද බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ක ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු දිනපතා සිදුකරනු ලබයි.

ආයුර්වේද ඖෂධ ප්‍රතිකාරවලට යොමුවෙමින් නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගැනීමට කැමැත්තක් දක්වන කොවිඩ් ආසාදිතයින්ට සහ නිරෝධායන වන පවුල් සඳහා එම වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මකය.