254 views 0 secs 0 comments

අද රැස්වන පාර්ලිමේන්තුව….

In Local News
September 07, 2021

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

පවතින කොවිඩ් -19 තත්ත්වය හමුවේ සැප්තැම්බර් මාසයේ දින දෙකක් පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

පෙ.ව 10.00ට සිට පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාද, පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා අත්‍යාවශ මහජන සේවා පනත යටතේ නියෝගයක්, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීමට නියමිතය. මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම ද අද දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

නිෂ්පාදන බදු පනත යටතේ නියමය, ආනයන සහ අපනයන පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් ද අද දිනයේ විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් අනතුරුව ප.ව 04.30 සිට ප.ව 04.50 දක්වා කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇති අතර ප.ව 04.50 සිට ප.ව 05.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනා අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්විමට නියමිතව තිබේ.