192 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව…

In Local News
September 19, 2021

ඊයේ (18) දිනට කොවිඩ් මරණ 103ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 103ත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,125ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (19) දිනයේ සමස්ත ආසාදිතයන් ගණන 1,733කි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 504,491ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,002ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 232,038ක් දක්වා ඉහළ ගියේය.