191 views 0 secs 0 comments

රජය මිත්‍ර පාක්ෂිකයින් ගැලරියට කතා කිරීමෙන් මිනිසුන් කුපිත නොකළ යුතුයි: ලොකුගේ

In Local News
November 01, 2021

පසුගිය දා කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් රජයේ හිතවතුන් කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ ප්‍රකාශ කළේ රට තීරණාත්මක සන්ධිස්ථානයක සිටින විට දේශපාලකයන් මිනිසුන් කුපිත කර නොගෙන රට රැක ගනිමින් රට ඉදිරියට ගෙන යාමට ක්‍රියා කළ යුතු බවයි.ගැලරියට කතා නොකර ආර්ථිකය පණ ගන්වමින් රට සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.