197 views 0 secs 0 comments

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් පෙත්සමක්

In Local News
November 07, 2021

මුතුරාජවෙල තෙත් ඉඩම්වලින් හෙක්ටයාර 3,863ක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය. පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

උන්වහන්සේ එමගින් ඉල්ලා ඇත්තේ අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නාගරික සංවර්ධන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, නාගරික සංවර්ධන අධිකාරිය, එහි සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල, මීගමුව සහ ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් නම් කර ඇත.