513 views 0 secs 0 comments

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි.

In Local News
November 08, 2021

අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.
ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, කොළඹ, මහනුවර, මාතලේ හා නුවරඑළිය ප්‍රදේශවලට මෙලෙස නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම කර තිබේ.

එමෙන්ම, කැලණි, ගිං, නිල්වලා ඇතුළු ගංගා කිහිපයක් පිටාර මට්ටම ට පැමිණ ඇති බැවින් පහත් බිම්වල ජනතාව නිරන්තර සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.