ත්‍රිකුණාමලය කින්නියා හී කළපුවක පාළම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඒ වන විට පාසල් යමින් සිටි දරුවන් ඇතුළු විසි හය දෙනකු පාරුවේ ගමන් කරමින් සිට තිබේ. පාරුව කළපුව මැදදී පෙරළීයාමෙන් එහි ගමන්ගත් සියලුදෙනා දියෙහි ගිලී ගොස් තිබුණි.
එම පාළම් පාරුව යොදවා තිබුණේ එම ස්ථානයේ පාළමක් ඉදිකෙරෙමින් පැවති බැවිණි. මෙම අනතුරෙන් මිය ගිය පිරිස අතර පාසල් ළමුන් සිව්දෙනෙකුද වන අතර දිවිගලවාගත් 20 දෙනෙකු රෝහල්ගත කර තිබුණි.
මිය ගිය අය අතර 30 හැවිරිදි මවක්, ඇයගේ 6 හැවිරිදි පුත්‍රයා , අවුරුදු තුනහමාරක දැරියක් මෙන්ම එකම පවුලේ වැඩිමහල් සහෝදරිය, ඇයගේ බාල සහෝදරිය සහ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද විය.
පොලිසිය සහ නාවික හමුදාව එක්ව අද සවස් වන තෙක්ම කළපුවේ තවත් ගිලුණු අය සිටීදැයි සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.
සිද්ධියෙන් අනතුරුව කුපිතවු ප්‍රදේශවාසීන් මෙම පාලම් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මුල් වූ බව කියන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුෆික් මහතාගේ කින්නියා හී පිහිටි නිවසට ද ප්‍රහාර එල්ල කර තිබේ.
පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී ත්‍රිකුණාමලය, කින්නියා, කුරින්චාකේනි කළපුව හරහා ගමන්කිරීමට නව පාලමක් ඉදිකිරීම ආරම්භ කළේය.
