
දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතු කොට ගෙන දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. දෙවන අදියරේ නායයෑම් අනතුරු සඳහා නිවේදන නිකුත් කර ඇත්තේ රත්නපුර, මාතලේ,කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්ක සදහා ය. කොළඹ, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා පළමු අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.