
ඊයේ (18) උදෑසන අළුත්ගම දුම්රිය ස්ථානය අසලදී ගාල්ල සිට ගල්කිස්ස දක්වා ධාවනය වු දුම්රියක ගැටුණු අවුරුදු 9ක් වයසැති දරුවෙකු මියගොස් තිබේ. ඇය කෙලින් වීදිය, දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක් බවයි වාර්තා වන්නේ..
මේ වන විට මෘත ශරීරය කළුතර, නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. අළුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.