204 views 0 secs 0 comments

මහා බැංකුවෙන් මුදල් ඇමතිට ලිපියක්

In Local News
December 21, 2021

ඉන්ධන ඉල්ලුම පාලනයට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දමා පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත. මෙම දැනුම්දීම කර ඇත්තේ දැනට පවතින ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ඉන්ධන ඉල්ලුම අඩු කිරීමේ අරමුණින් බවයි එහි සඳහන් වන්නේ. ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති ශාඛාවේ, කැඳවුම්කරු, ආනන්ද පාලිත සඳහන් කළේ
අදාළ ලිපිය මඟින් පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින්, ඩීසල් ලීටරයක් රුපියල් 24කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇති බවයි.