163 views 0 secs 0 comments

නව ගුවන් පාලම් 4කට කැබිනට් අනුමැතිය…

In Local News
January 19, 2022

මහාමාර්ග අමාත්‍යවරයා විසින් වාහන තදබදයට විසඳුමක් ලෙස නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මුල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා එම රජය අතර ඇති කර ගත් මුල්‍ය සහයෝගිතාවය මත මේ වනවිට කොහුවල හා ගැලඹේ ගුවන් පාලම් ඉදිකෙරෙමින් පවතින අතර එම මුල්‍ය සහයෝගිතාව මත මෙම නව පාලම්ද ඉදිකිරීමට නියමිතය.

මුත්තොට්ටුගල දුම්රිය හරස් මාර්ගය හා හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිය ට එම නව පාලම් ඉදිරි කිරීමට යෝජනා වී තිබේ.