
කිරිබත්ගොඩ, මුදියන්සේවත්ත ප්‍රදේශයේ නිවසක ගඩොල් ගොඩක් යට තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.පොලිසිය සඳහන් කළේ ඊයේ (7) රාත්‍රියේ ඉදිකරමින් පවතින නිවසක ගඩොල් ගොඩක් යට මිනිස් අතක් පෙනෙන බවට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානය පරීක්ෂා කළ බවයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.