208 views 0 secs 0 comments

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු කිහිප දෙනා රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර….

In Local News
July 24, 2021

දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳව අද (24) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කිරුළපන පොලීසියට අධිකරණය අවසර ලබාදී තිබේ.

එහිදී අනෙක් සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලීසියේ පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා අවසර දී තිබුණි.

ඒ අතර රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ පියා, ඇයගේ සහෝදරයා සහ දැරියව රැගෙන පැමිණි තැරැව්කරු වෙයි.