173 views 0 secs 0 comments

ඉදිරියේදී පැය 10 විදුලි කප්පාදුවක්

In Local News
March 25, 2022

ඉන්ධන නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලාගාර කිහිපයක ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. එම නිසා දැනට පවතින විදුලි කප්පාදුව දිනකට පැය 6 ½ සිට පැය 10 දක්වා දීර්ඝ කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබන සතියේ සිට පැය 10කට ආසන්න විදුලි කප්පාදුවක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් ප්‍රකාශ කළා.විදුලිබලාගාරවල ඉන්ධන සහ ජලවිදුලි බලාගාරවල විදුලිය නිපදවීමට අවශ්‍ය ජලය නොමැතිවීම හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.