Connect with us

Local News

පාර්ලිමේන්තු සභාවේ කටයුතු සුළු මොහොතකට අත්හිටුවයි…

Published

on

අද (06) පාර්ලිමේන්තුව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කථානායකවරයා පවතින අර්බුදය ව්‍යවස්ථාමය රාමුවක් යටතේ විසඳීමට මේ සතිය අවසන් වීමට පෙර එකඟතාවකට පැමිණෙන සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම පවතින අර්බුදයට සාර්ථකව මුහුණ දෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටි අතර ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින්
ජනාධිපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස්වීමක් සිදු නොකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

රට තුළ දැනට පවතින ඉන්ධන හා විදුලි අර්බුදයට අමතරව දරුණු ආහාර හිඟයක් ඇතිවීමේ අවධානමක් පවතින බවද කථානායකවරයා සඳහන් කල අතර මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා සියලු දෙනා එක්ව එකඟතාවකට පැමිණෙන ලෙසයි කථානායකරයා සියලු දෙනාට දැනුම් දුන්නේ.

කෙසේ වුවද විපක්ෂයේ නලීන් බණ්ඩාර අමාත්‍යවරයා කථානායකවරයාගේ න්‍යාය පත්‍රයෙන් බැහැරව කතාවක් පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාවේ කටයුතු සුළු මොහොතකට අත්හිටුවීමට මීට ටික වේලාවකට පෙර කථානායකවරයා කටයුතු කළා.

Local News

ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි…

Published

on

By

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතාගේ අභාවය සම්බන්ධයෙන් වාර්තා වේ. සිංහල අධ්‍යයන අංශයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ඔහු, මිය යන විට වියත් වූයේ වසර 73කි.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ.

මෙම අවාසියි තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි සම්මානනීය ආචාර්යයෙකුගේ අහිමිවීම විශාල අලාභයක් ලෙස සැලකිය හැකිය.

Continue Reading

Local News

තද වැසි හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 3ක් විවෘත කරයි…

Published

on

By

පවතින තද වැසි තත්ත්වය හමුවේ, අද (28) අලුයම පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 3ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇති බව මහවැලි ඉංජිනේරු කාර්යාලය පවසයි.

මෙය සිදුකරනු ලැබූයේ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහාය.

වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් තප්පරයකට ඝණ අඩි 4500ක ජල ප්‍රමාණයක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

Continue Reading

Local News

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් වැඩ වර්ජනයක….

Published

on

By

දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් අද (28) මධ්‍ය රාත්‍රියේ සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරනුයේ පුරප්පාඩු පිරවීම, වැටුප් වර්ධක ලබාදීම සහ නිලධාරී සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මතය.

මේ අතර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංඛේත වැඩවර්ජනය අද සවස 4.00 ට ආරම්භ වන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ගය නිසා තැපැල් සේවා සම්බන්ධයෙන් සමහර ප්‍රදේශවලට බලපෑම් ඇතිවිය හැකි බැවින්, මහජනතාවට මෙය සලකා බලමින් කටයුතු කරන ලෙස අවධානය යොමු කෙරේ.

Continue Reading

ප්‍රවණතාවන්