
රටේ උද්ගතව පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය අලි සබ්රි සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන් හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) ප්‍රකාශ කළේය.
කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා ක්‍රියාත්මක වීමත් සමඟ කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.
එසේම තවත් සාකච්ඡාවක් මුදල්, බලශක්ති , සෞඛ්‍ය අමාත්‍යාංශ නිලාධාරීන් සමග පැවැත් වු බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.