
සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදියා භාවිත කළ බව කියන වාහනය රාජ්‍ය භාරයට ගැනීමෙන් පසු එය පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත කළ බව ශ්‍රී ලංකාවේ හිටපු මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර අඟහරුවාදා (19) පැවසීය.
හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා භාවිතා කරන්නේ NTJ හි සහරාන් හෂීම් විසින් මුලින් භාවිතා කළ Land Cruiser බව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ට්විටර් පණිවිඩයක් උපුටා දක්වමින් SJB පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වෙත ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.
“අද උදේ මාව දැනුවත් කළාට පස්සේ මම මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට කතා කළා. එතුමා මට කිව්වා මේ වාහනය රාජ්‍ය භාරයට අරගෙන පොලිසියට බාරදුන්නා කියලා.” හිටපු අමාත්‍යවරයා පැවසීය.