149 views 0 secs 0 comments

ඉන්ධන හිඟකම හේතුවෙන් බස් ධාවනයට තවදුරටත් බාධා..

In Local News
July 04, 2022

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (04) දිනයේත් බස් ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. මේ වනවිට බස් විශාල සංඛ්‍යාවක් ඉන්ධන පෝලිම් වෙත යොමුවී ඇති බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ, මේ වනවිට පාසල් සඳහා නිවාඩු ලබාදී ඇති බැවින් මගීන් ප්‍රවාහන කටයුතු සඳහා සිසුසැරිය බස් රථ ද යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වුවද අද දිනයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.