157 views 0 secs 0 comments

ජනපති තවමත් ඉල්ලා අස්වීම භාර දී නැහැ – කථානායක

In Local News
July 14, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් ලැබී නොමැති බව කතානායකවරයා පවසනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවට ළගාවීමෙන් පසුව භාරදීමට නියමිත බව, පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා දන්වා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරනවා.

ඊයේ අලුයම මාලදිවයිනට ළඟා වූ ජනාධිපතිවරයා ඉන්පසු සිංගප්පූරුව බලා යෑමට නියමිත බවද, සිය ගමනාන්තය දක්වා රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂාව සහිතව ආරක්ෂිතව ගමන් කරන තෙක් ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටීමේ අවශ්‍යතාව මත මෙසේ ලිපිය ලබාදීම ප්‍රමාද වී ඇති බවද වාර්තා වනවා.