
මහජනතාව විසින් මේ වන විට අත්පත් කරගෙන ඇති රජයේ ගොඩනැගිලි වන ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය භාරදීමට තීරණය කර තිබෙනවා. සාමය ස්ථාපිත කිරීමේ අරමුණින් ගාලුමුවදොර විරෝධතාකරුවන් මෙම තීරණය ගෙන ඇති බවයි දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුන් සඳහන් කළේ.