198 views 0 secs 0 comments

දුම්රියක ගැටී තරුණයෙක් මියයයි..

In Local News
October 04, 2022

රත්ගම පොලිස් වසමේ විජයරත්න මාවත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී වයස අවුරුදු 22ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. දුම්රිය ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වී තිබෙන අතර දුම්රියේ ගැටුණු තරුණයා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.