ජනපතිගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබෙනවා.
ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන බෙදාහැරීම සම්බන්ධ සේවා, විදුලි බල සැපයීම සම්බන්ධ සියලුම සේවා, රෝහල් හා සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා හා වෙනත් රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා මෙලෙස මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.
