
අද (16) දිනයේ මෙරටට පැමිණීමට නියමිත තිබූ පළමු ඩීසල් තොගය ලැබී ඇති බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ අද අලුයම එම ඩීසල් තොගය කොළඹට පැමිණි බවත්, එහි තත්ත්ව සාම්පල මේ වනවිට පරීක්ෂා කෙරෙන බවයි.