168 views 0 secs 0 comments

පෙට්‍රල් තොගය අද (19) ශ්‍රී ලංකාවට

In Uncategorized
July 19, 2022

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් යාත්‍රාවක් අද (19) දිවයිනට පැමිණීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අදාළ යාත්‍රාව සඳහා මුදල් ගෙවා ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
එමෙන්ම ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලක්ෂයකට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති බවත්, ලියාපදිංචිය අවසන් වනතුරු නව ඉන්ධන තොග බෙදා හැරීම සිදු නොවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.