225 views 0 secs 0 comments

ගෝල්ෆේස් බණ්ඩාරනායක පිළිරුව අසලට ඒම වළකමින් අධිකරණ නියෝගයක් පනවයි..

In Local News
July 20, 2022

කොටුව පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවට පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කල අතර එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.