
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා අද (02) දිවෘම් දුන්නා.
ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වමින් නිමල් සිරිපාල ද සිල්වා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස් වූ අතර පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර එම කමිටුව මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ඔහු නිදොස් කොට තිබුණා.