
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ 6 වන මූලික තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා. මෙහිදී යුපුන් අබේකෝන් මීටර් 100 තරඟය තත්පර 10.06කින් නිමකර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වීම විශේෂත්වයක්.
මීටර් 100 අවසන් පූර්ව තරගය හෙට (03) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.20 ට ආරම්භ වීමට නියමිතයි.