162 views 0 secs 0 comments

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩ භාරගත් නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්….

In Local News
September 08, 2022

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී වැඩ භාරගත්තේ ය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් හා ජීව විද්‍යා උපාධිධාරියෙකු වන ඔහු ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ කරුණාරත්න මහතා ප්‍රවෘත්ති සමකර්තෘ ධුරය ඇතුළු වගකීම් සහිත තනතුරු රැසක් හෙඹ වූ හසල අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙකි.

එමෙන්ම ඔහු ඇමෙරිකාවේ කැලිෆෝනියාහි සැන්ටා මොනිකා විද්‍යාලයේ සන්නිවේදනය විෂය පිළිබඳ උසස් අධ්‍යාපනයක්ද හදාරා තිබේ.