දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නෙ නිවේදනයක් නිකුත් කරමින්
සඳහන් කර තිබෙනවා
1952 – 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙස සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රදානී ලෙස දෙවෙන එලිසබෙත් මහ රැජින කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
