
රුසියාවේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙන බව වාර්තාවේ.
මෙම පාසලේ සිසුන් 1000 ක් පමණ අධ්‍යාපනය හදාරන අතර ගුරුවරුන් ද 80 දෙනෙකු පමණ සිටින බව වාර්තා ඒ.
මෙහිදී තුවක්කුකරු ද වෙඩි තබා ගෙන සිය දිවි නසාගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.