බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳ චෝදනාව සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයාට නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ඇති බවයි.
