පසුගිය සතියේ ෆ්ලොරීඩා වෙරළ තීරය හරහා ඇමරිකාවට ඇතුල්වූ Ian නම් සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම සුළි කුණාටුව හේතුවෙන් එරට විදුලි රැහැන් හා මාර්ග පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර ඒවා යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. එමෙන්ම ජලයෙන් යට වී ඇති ප්‍රදේශවල සෝදිසි කිරීමේ හා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ද වැඩිදුරටත් වාර්තා වේ.
