නැවත ගෑස් හිගයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ ය. මෙට්‍රික් ටොන් 28,000 ආසන්න ගෑස් ඇනවුම් කර ඇති බවත් ඒ හේතුවෙන් නොවැම්බර් මාසයේ ගෑස් හිඟයක් ඇති නොවන බවයි.
ඔහු වැඩිදුරටත් සදහන් කළේ ඇතැම් අලෙවි නියෝජිතයින් මිල සංශෝධනයක් සිදුවේ යැයි අපේක්ෂාවෙන් ඇණවුම් ලබා නොදීම හේතුවෙන් හිඟයක් වාර්තා වූ බවත් සඳුදා දිනය වන විට අදාළ ගැටලුව සම්පූරණයෙන්ම විසඳීමට කටයුතු කරන බවයි
