කුඩා දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බවත සැකකෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගැනීමට පොලීසිය සමත් විය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට ඇති වෙළෙඳසැළක ඒවා අලෙවියට තබා තිබූ අතර නගරාසන්න පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව පානදුර උතුර පොලීසිය වැටලීම සිදුකර තිබුණි.
