161 views 0 secs 0 comments

පැය 18ක ජල කප්පාදුවක්…

In Local News
January 05, 2023

ජනවාරි 07 වනදා රාත්‍රී 10.00 සිට 8 වන ඉරිදා පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ මාලිගාකන්ද ජලාශය වෙත ජලය සැපයෙන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියට අදාළව සිදුකරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරිමක් හේතුවෙනි.

ඒ අනුව කොළඹ- 01, 02, 03, 04, 07, 09, 10, 11 යන ප්‍රදේශවලට එම කාලය තුල ජල සැපයුම අත්හිටුවනු ඇති.