169 views 0 secs 0 comments

තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට….

In Uncategorized
January 05, 2023

අද (05) සිට පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දය ලබා දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාරගැනීම ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූවන් සිය අයදුම්පත් එළඹෙන ජනවාරි මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර සිය ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතු බවත්, එම දිනය නැවත කිසිසේත් දීර්ඝ නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.