178 views 0 secs 0 comments

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම තවදුරටත්…

In Local News
February 16, 2023

මෙරට ආර්ථිකය පරිහානියකට පත් කිරීමට හේතු පාදක වූ තීන්දු තීරණ ගත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කර තිබූ පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් නියෝගය ලබන අප්‍රේල් 6 වැනිදා නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (16) තීරණය කළේය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ද අප්‍රේල් 6 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කෙරුණි.