689 views 1 sec 0 comments

මට්ටක්කුලිය දේවස්ථානයකත් කොවිඩ් ආසාදිතයන්..

In Local News
January 23, 2021

මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආශ්‍රිතව සිදු කෙරුණු PCR පරීක්ෂණවලදී පියතුමන්ලා 9 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා
“මුඛ ආවරණ නොමැතිව සැරිසරමින් සිටි පුද්ගලයින් 30ක් අරගෙන කරපු පරීක්ෂණවලදී යාචකයින් 4ක් ආසාදිතයින් බවට හඳුනාගත්තා. ඊට අමතරව තවත් 2 දෙනෙකු ද හඳුනා ගත්තා. උසාවි සංකීර්ණයේ සිදුකළPCR 302ක් තුළින් මේ වනවිට රෝගීන් 5 දෙනෙක් සොයා ගන්නට හැකිවෙලා තියෙනවා. ඒ වගේම මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආශ්‍රිතව පියතුමන්ලා 9 දෙනෙකු ආසාදිත බවට හඳුනා ගත්තා. එහි තවත් සහෝදර පියතුමන්ලා 50ක් පමණ ඉගෙනුම ලබනවා. ඔවුන්ගෙත් PCR පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතිනවා. මේ තත්ත්වය නිසා පිරිස ගැවසෙන ස්ථානවලට යෑමේදී ජනතාව තවදුරටත් ප්‍රවේසම් වෙන්න ඕනේ.”