
හෙට (26) සිට සීතාවක ඔඩිසි දුම්රිය ජනතාවට විවෘත වන බව දුම්රිය දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර සිටියා.
කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ‘වග’ දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන බවයි එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී, ඊ.එස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ.
ආසන 44 බැගින් වූ වායු සමනය කළ මැදිරි 02ක් , ආසන 44 බැගින් වූ සාමාන්‍ය මැදිරි 03ක් හා ආසන 74කින් සමන්විත එක් මැදිරියකින් ඔඩිසි දුම්රිය සමන්විත වේ.