Connect with us

Local News

රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක…

Published

on

අද (29) දින රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවන් බව රාජ්‍ය විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ප්‍රකාශ කර සිටියා.

වැටුප් විෂමතා ගැටළුව ඇතුළු තවත් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මෙමෙ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කර ඇති අතර අද දින රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සමුළුවක් පවත්වන බවත් එහි සභාපති එච්. ඒ. එල් උදයසිරි සදහන් කර සිටියා.

Local News

ජාතික සම්මාන හා ගෞරව නාම අවභාවිතය නැවැත්වීමට කඩිනම් පියවර..

Published

on

By

නිසි අවසරයකින් තොරව ජාතික සම්මාන සහ ගෞරව නාම ලබාදීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරනු ලබන සම්මානවලට සමාන නාම යොදාගනිමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන මගින් වැරදි ලෙස සම්මාන හා ගෞරව නාම ප්‍රදානය කරන අවස්ථා නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය. මේ හේතුවෙන් සැබෑ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයන්ට සිදුවන බරපතළ අසාධාරණය සහ අගෞරවය වැළැක්වීම සඳහා මෙම අවභාවිතය කඩිනමින් නැවැත්විය යුතු බව ද සමන් ඒකානායක මහතා අවධාරණය කළේය.

Continue Reading

Local News

රිචඩ් වෙර්මා හා ජනපති අතර හමුවක්…

Published

on

By

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වෙර්මා (Richard Verma) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (23) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

Continue Reading

Local News

ගංගාරාම විහාරස්ථාන 45 වන නවම් මහා පෙරහර වීථි සංචාරයේ…

Published

on

By

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් අද (23) රාත්‍රීයේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළේය.

Continue Reading

ප්‍රවණතාවන්