144 views 0 secs 0 comments

ඉන්ධන මිල සංශෝධනයක්…

In Local News
March 31, 2024

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙන අතර මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කර සිටියා.

මෙම මාසය සඳහා වන ඉන්ධන මිල සංශෝධනය පසුගිය 4 වනදා සිදුවූ අතර එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කල අටහ්‍ර ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදු නොවුණි.

මේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම සහ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඩුවීම යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවනු ඇති බව වාර්තා වෙයි.