ඉදිරි වසර 75 තුළ ජාතියේ ප්‍රගමනය සඳහා දැනුම පදනම් කරගත් සමාජයක් කරා යන ගමන අවධාරනය කරමින් දැනුම අලුත් කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ කාර්යයක් ලෙස පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. අධ්‍යාපනයේ නව කුළුණු ලෙස නවීන තාක්‍ෂණයේ සහ දැනුමේ වර්ධනය වන භූමිකාව පිළිගනිමින්, ආර්ථික දක්‍ෂතාවය කුමක් වුවත්, ගෝලීය පරිවර්තනයන් සමඟ සමමුහුර්ත වීමට අපොහොසත් වීම ප්‍රගතියට බාධාවක් වනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.
අද (05) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති 2022 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා.






