Connect with us

Local News

15වනදා රජයේ නිවාඩු දිනයක්..

Published

on

ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අප්‍රේල් 15 වනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හේතුවෙනි.

Local News

ජනපතික් වෙසක් සුභ පැතුම්…

Published

on

By

සීඝ්‍ර ලෙස භෞතිකව සංවර්ධනය කරා පිය මනින ලෝකය තුළ ආකල්පමය සංවර්ධනයකින් යුත් ආධ්‍යාත්මික ආචාරශීලි ‘මිනිසකු‘ නිර්මාණය කර ගැනීමට මේ වෛශාඛ්‍ය මංගල්‍යයේ ඇති කර ගත යුතු ප්‍රමුඛතම අරමුණ බව සිහිපත් කරමින් සැමට පිංබර වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ
මහතා ප්‍රකාශ කර සිටියා.

Continue Reading

Local News

අද ජාතික ශෝක දිනයක් ලෙස නම් කෙරේ…

Published

on

By

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මැතිතුමාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය අද (21) ජාතික ශෝක දිනයක් ලෙස නම් කොට තිබෙනවා.
ඒ හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අද දිනයේ අඩකුඹු කොට තබන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා දැනුම් දී සිටියා.

Continue Reading

Local News

වර් ෂාව සමඟ වැඩි විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීමට කඩිනම් පියවර…

Published

on

By

වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මැයි 26 සිට ජුනි 01 දක්වා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ අධ්‍යාපන අමාත්‍යංශය හරහා පාසල් දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ඒ මහතා උපදෙස් දුන්නේය.

මීට අමතරව රාජ්‍ය ආයතන, ආගමික ස්ථාන, සහ නව ගොඩැගිලි ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානම අඩු කිරීම සඳහා කටයුතු කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබා දුන් සාගල රත්නායක මහතා මෙම වැඩපිළිවලට අනුගත නොවන පිරිස් සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අදාළ අංශ දැනුවත් කළේය.

සාගල රත්නායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (20) ජනාධිපති කාර්යාලයේ පැවති ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමට ගෙන යන වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

Continue Reading

ප්‍රවණතාවන්