Connect with us

Helth

බ්‍රිතාන්‍යයේ කොරෝනාවට තිත…

Published

on

Pfizer/BioNTech

ඖෂධ සමාගම විසින් නිපදවනු ලැබූ කෝවිඩ් -19 රෝගය සඳහා 95%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති එන්නත භාවිතා කිරීම සඳහා බ්‍රිතාන්‍යයට අවසර ලැබී ඇත
එය එළඹෙන සතියේ සිට වඩාත් අත්‍යවශ්‍ය පිරිස් ඉලක්ක කරගනිමින් මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Helth

19 වනදා සිට නැවත සෞඛ්‍ය වර්ජන ඇරඹෙන ලකුණු…

Published

on

By

සෞඛ්‍ය වෘත්තිය සමිති එළඹෙන 19 වනදා සිට නැවත වෘත්තීය ක්‍රියාමර්ග ආරම්භ කරන බව එම සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කර සිටියා..

බලධාරීන්ගෙන් සිය ගැටලුවලට බලාපොරොත්තු වුණු ප්‍රතිචාරය නොලැබුණු බවත්, සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය කඩිනමින් මැදිහත් නොවන්නේ නම් මෙම තීරණය ගන්නා බවත්, අද (15) කොළඹදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Continue Reading

Helth

ඖෂධ මිල අඩුවෙන හැටි…

Published

on

By

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාම හේතුවෙන් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි 15 වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එහිදී ඖෂධවල මිල 16%කින් අඩු කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.

Continue Reading

Helth

ඩෙංගු මර්දනයට ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර….

Published

on

By

ඩෙංගු මර්දනය සඳහා ග්‍රාමීය කමිටු පිහිටුවිමට පියවර ගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර සිටි අතර එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය, නලින් ආරියරත්න මහතා පැවසුවේ, ග්‍රාම නිලධාරීන් විසින් එම කටයුතු සිදුකරනු ඇති බවයි.

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බවත්, ගතවූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 37,000 ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව්ත්, නලින් ආරියරත්න මහතා ප්‍රකාශ කර සිටියා.

මේ වන විට දිස්ත්‍රික්ක 16 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසකම ඩෙංගු වසංගත තත්ත්වයක් පවතින අතර මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගය වැළදුණු ළමුන් තිස් දෙදෙනකු ප්‍රතිකාර ලබන අතර ඉන් දස දෙනෙකුට ඩෙංගු රක්තපාත තත්ත්වය පවතින බව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ ය.

නිවසේ හෝ අසල නිවසක ඩෙංගු රෝගය වැළදුණු අයෙකු ඇත්නම්, ඔබටද ඩෙංගු රෝගය වැළඳීමේ අවදානමක් ඇතැයි, ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

Continue Reading

ප්‍රවණතාවන්