තමන් ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය එළඹෙන ඉරුදින තාවකාලිකව අත්හිටුවීමට, ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරී සංගමය තීරණය කර තිබේ.
ඊයේ (06) දහවල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමග සාකච්ඡාවකින් අනතුරුව මේ පියවර ගත් බවයි එහි ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කර සිටියේ.
එමෙන්ම විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය අද 36 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.
