147 views 0 secs 0 comments

දුම්රිය එන්ජින් රියදුරන් වැඩ වර්ජනයක…

In Local News
June 07, 2024

දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති බව සඳහන් වේ.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම් සේනානායක මහතා පැවසීය.

මෙම වර්ජනය හේතුවෙන් උදෑසන ධාවනය වන කාර්යාල දුම්රියවලට වැඩි බලපෑමක් එල්ල නොවුන ද අද පස්වරුවේ ධාවනය වන සියලු දුම්රිය අවලංගු වීමට ඉඩ ඇති බව එස්.ආර්.සී.එම් සේනානායක මහතා සදහන් කර සිටියා.

කෙසේවෙතත් දුම්රිය රියදුරන් 84 දෙනෙකුගේ උසස් වීම් ගැටලු මුල් කරගනිමින් එම රියදුරන් පමණක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව අද දෙරණ වෙත වාර්තා විය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ විධායක කමිටුව විසින් ගත් තීරණයක් නොවන අතර සංගමයේ ලේකම්වරයා විසින් ගත් තීරණයකට අනුව වර්ජනය සිදුකරන බව එම සංගමයේ සභාපති චන්දන ලාල් මහතා පැවසීය