
ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන ලද “යාපනය – කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණ කරන පවිත්‍රාගාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කරන ලදී.
මෙම ජලසම්පාදන ව්‍යාපෘතිය සදහා වැයකරන ලද මුලු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 266කි.
එහිදී අදහස් දැක්වූ ජනපතිවරයා ප්‍රකාශ කර සිටියේ උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුම් ලබා දීමට “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් අරඹන බවයි.




