22 views 0 secs 0 comments

රත්‍රං මිල අද තෙවරක් ඉහළට – පවුමක් රු. 5,000කින් වැඩිවෙයි…

In Local News
September 08, 2025

මෙරට රත්‍රං මිල අද (08) දිනය තුළ රු. 5,000ක පමණ ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව “කැරට් 22” රන් පවුමක මිල සෙනසුරාදා (06) දින රු. 266,400ක් ලෙස පැවති අතර, අද දිනයේ තුන් වතාවක් ඉහළ ගොස් රු. 271,000ක් දක්වා වාර්තා වී තිබේ.

මෙම අතර, “කැරට් 24” රන් පවුමක මිලද සෙනසුරාදා රු. 288,000ක් ලෙස පැවති අතර, අද (08) දින තෙවන වතාවට ඉහළ යාමත් සමග රු. 293,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන සිට දිනයේ තුන් වතාවක් රන් මිල ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක් වී ඇත.