
අමෙරිකාවේ නිෂ්පාදනයක් වන මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් අද (16) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.
මෙම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ “කොවැක්ස් ” පහසුකම යටතේ අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
ඒ අනුව මොඩර්නා එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට රැගෙන ආ පළමු අවස්ථාව මෙය වෙයි.